Wednesday, June 1, 2011

for you !!

දයාබර නෙත් පියන් යට,
රැඳී ඉන්නට අවැසි මොහොතක,
පලාගෙන හද විලම කළඹා,
නැගෙන්නා වූ අපරිමාණ ස්නේහයෙන්...
නුඹව සඟවා...
මo නුඹට පෙම් කරමි...
සදාතනික පෙම් කවක,
සොඳුරුතම පැදි පෙලක් වී......
අරුත් කලා නුඹ මගේ දිවියම...
ඉඳින්..දයාබර, ආදරණීය මගේ සබඳ...
මම නුඹට පොරොන්දු වෙමි,
ගත පුරා දිවෙන,
රක්ත වර්ණ රුධිරය,
දිවුරුමක් කරගෙන,

උප නූපන් හැම අත්භවයේම,
මේ මුලු දිවිය පුරාම...
මා නුඹේ පමනක්ම වී...

"නුඹට සදාකල්හි ආදරය කරන බවට...."